2024 පෙබරවාරි මස සිට වරිපනම් බදු ගෙවන ඔබට 5% වට්ටමක්..

2024 පෙබරවාරි මස සිට වරිපනම් බදු ගෙවන ඔබට 5% වට්ටමක්..

2024 වර් ෂය සදහා අදාල වරිපනම් බදු 2024 පෙබරවාරි මස දිනට ප්‍රථමව ගෙවා 5% වට්ටමක් ලබා ගන්න.

සෑම කාර් තුවකම මුල් මාසයේ ගෙවීමේ දී මෙම 5% ක වට්ටම ලබා ගත හැක.

වරිපනම් බදු පිළිබඳ ඔබත් දැනුවත්ද?

වරිපනම් බද්දක් යනු,

දියුණු කල ගම් ප්‍රදේශයක් ලෙස  ප්‍රකාශයට පත් කර ඇති  ප්‍රදේශයක පිහිටි නිශ්චල දේපලක  හෝ නිශ්චල දේපල වර් ගයක තක්සේරු කරන ලද වාර් ෂික වටිනාකම මත එහි අයිතිකරු හෝ පදිංචිකරු නිතීයෙන් ගෙවීමට බැදි සිටිනා ගාස්තුවයි.

ඔබ වරිපනම් බදු ගෙවන්නේ ඇයි?

  • ඔබ වරිපනම් දේපල හිමියෙකු නම් අදාල බදු ගෙවිම සම්බන්ධයෙන් ඔබට ඇති නෛතික බැදීම සහ සමාජීය වගකීම මත ඔබ වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් සපයන යටිතල පහසුකම් හා අනෙකුත් සේවා ලාභියෙකු විය හැක.

ඔබත් වරිපනම් දේපල හිමියෙකු නම් ඉන් ඔබට අත්වන වාසි:

  • ඔබගේ දේපල වල තක්සේරු වටිනාකම ඉහල යාම
  • ඔබගේ දේපල අයිතිය සහතික කිරීමේ ලියවිල්ලක් වශයෙන්
  • ඔබට පළාත් පාලන ආයතන හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ කටයුතු කිරීමේදි ඇති පහසුව.

February 8th, 2024