දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ පණිවුඩය
සහයෝගී දේශපාලනය කේන්ද්‍ර කරගත් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ මෙම වෙබ් අඩවිය, අප සහ පුරවැසියන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීමටත්, වගවීමේ යහපාලන ගුණාංගය වැඩිදියුණු කිරීම සඳහාත් උපකාරී වනු ඇතැයි අප හුදෙක්ම බලාපොරොත්තු වන්නෙමු. ඔබගේ අදහස් කුමක් උවත් ඒ සියල්ල අපි අගේ කරන්නෙමු. ඔබගේ වටිනා අදහස් සියල්ල යහපත් චේතනාවෙන් අපගේ සේවා සැපයීම දියුණු කිරීම උදෙසාම යොදා ගන්නෙමු. අප ඉතා හොඳින් අපගේ සේවා සපයන්නේ යැයි උපකල්පනය කරන්නෙමු. එනමුත් ඒවයේ තත්වය තවත් වැඩිදියුණු කල හැකි යැයිද විශ්වාස කරන්නෙමු. අපගේ සේවා වැඩිදියුණු කිරීම උදෙසා මේ වෙබ් අඩවියෙන් ඵලදකින ඔබගේ අදහස් මහඟු සේවාවක් සලසනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. මෙය අපගේ සේවාවන් ගැන උදම් ඇනීමට යොදාගන්නා වෙබ් අඩවියක් නොවේ. හුදෙක් අපගේ පුරවැසියන්ට අප කල කී දෑ හා නුදුරු අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වන දෑ දැන ගැනීමට සැලසීම අරමුණු කරගත් වෙබ් අඩවියකි. මේ ගැන ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ පුරවැසියන් වන ඔබ සතු අයිතියකි. අපි එයට ගරු කරන්නෙමු. කුමක් හෝ වේවා ඔබගේ අදහස් අපිට වටින්නේය.
දික්වැල්ල ජනතාවට සේවා සැපයීම ඉහල නංවනු වස් ඔබ මේ වෙබ් අඩවිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනු ඇතැයි මම හුදෙක්ම අපේක්ෂා කරමි. එමෙන්ම අපගේ මෙම වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම උදෙසා ඔබගේ වටිනා අදහස්ද ඉතා අගේ කොට සලකමි.
ස්තූතියි.
මෙයට ඔබගේ යටහත් සේවක
කිත්සර මුතුකුමාරණ
සභාපති,
දික්වැල්ල ප්‍රාදේශීය සභාව.