ලේකම්තුමියගේ පණිවුඩය

දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියගේ පණිවුඩය

 

දික්වැල්ල ජනතාවට තොරතුරු සපයන මාධ්‍යක් ලෙස මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට හැකි වීම ගැන අප ඉතාමත් සතුටු වෙමි. අපගේ පළාත් පාලන ආයතනයේ තොරතුරු මේ හරහා බෙදා හැරීමට හැකි වීම තුළින් ජනතා මෙහෙවර තවදුරටත් ඵලදායී ලෙස ඉටුකළ හැකි බව මාගේ විශ්වාසයයි. ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් මෙන්ම පළාත් පාලන ආයතනයේ සියලු තරාතිරම්වල කාර්යයමණ්ඩලයද අප පළාත් පාලන ආයතනයේ උන්නතිය උදෙසා දිවා රෑ නො බලා දැඩි කැප වීමකින් වෙහෙස වෙමින් කටයුතු කරනු ලබයි. මෙම වෙබ් අඩවිය මගින් බලප්‍රදේශයේ මෙන්ම මෙරට හා විදේශීය පුරවැසියන් සඳහා විවිධ අවශ්‍යතා සපුරා ගත හැකි කවුළුවක් ලෙස වටිනා සේවයක් සැපයීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කර එමෙන්ම අපගේ සපයන සේවාවන් සඳහා මාර්ගොපදේශයන්ද මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක. අනාගතයේදී මෙම වෙබ් අඩවිය මගින් සේවාදායකයින්ගේ සේවාව හෝ පැමිණිල්ලෙහි වර්තමාන තත්වය සොයාගැනීම සඳහා පහසු මගක් ලෙස වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරමි. ඒ සඳහා මෙම වෙබ් අඩවිය අන්තර් සබඳතා ඇති වෙබ් අඩවියක් ලෙස සක්‍රීය කිරීම සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය හුදෙක් බලාපොරොත්තු වෙමි.

ඔබ අප හා රැඳෙමින් ඔබ අපෙන් අපේක්ෂිත අපගේ සේවාවන් දියුණු කිරීම උදෙසා ඔබගේ දායකත්වය නොමඳව ලබා දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

සඵලදායී සේවාවක් උදෙසා මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ඉතා කාරුණිකව  මෙයින් ඉල්ලා සිටිමි.

ස්තූතියි

චාන්දනී වේරගොඩ, 

ලේකම්,

දික්වැල්ල ප්‍රාදේශීය සභාව.